හ්ම්...
"ඔව් මම මේ හැම දෙයක්ම අමතක කරලා මේ මොහොතේ ඉදන් ජිවිතේ අලුතින් පටන් ගන්නවා"කියල.
මොන පටන් ගැන්මක්ද,නාලා ඇග පත පිහදාගෙන කාමරයට ඇවිත් මේසෙ ඉස්සරහ පුටුවේ ඉද ගත්ත වෙලේ ඉදන් අරමුණක් නැතුව හිත අයාලේ යනවා.අනේ මන්ද...ජිවිතේ රසවත් බවට වැඩිය මම නීරස බව දකින්න පුරුදු වෙලා.පරණ මතකයන් හිතට ඇවිත් මට වද දෙන්නම උත්සහ කරනවා.එත් ඒ මතකයන් වෙනුවෙන් විදවිය යුතු නෑ කියලත් මම දන්නවා.ඒත් තේරෙන්නැත්තෙ ඇයි මම මේ දේවල් වෙනුවෙන් තවදුරටත් තැකීමක් කරන්නෙ කියල.මට දැනෙනවා කලින් තිබුන ජවය,හිතේ ශක්තිය මගෙන් ගිලිහිලා වගේ.
හිස් හැගීම් ගොඩක් එක්ක ජිවිතේ වටිනාම කාලය ගෙවිල යනවා.ඇත්තටම කනගාටුයි ඒ අරමුණක් නැතුව ගෙවෙන හැම තප්පරයක් ගැනම.ඒත් පෙරමෙන් අරමුණක හිත පිහිටුවාගන්න මට බැරි වෙලා.
මේ හැම දෙයක්ම උනේ කවුරු නිසාද???මට කාටවත් දොස් කියන්න බෑ.කියන්න හිතෙන්නෙත් නෑ."පාඩුව ඔබේ නම් වරදත් ඔබේ"කියල කියනවනේ.ඔව් මමයි වැරදි.මම සංවේදී උනා වැඩි ඇති.
හිතට එන හැගීම් සිතිවිලි සමහර වෙලාවලදී වෙනස් කරන්න හරිම අමාරුයි කියල හිතෙනවා.












අනේ මන්දා බං! ජිවිතේට අරමුණක් තියා ගනින්! ඔක්කොම හරි යයි!
ReplyDeleteප්‍රතිචාරෙට ස්තුතියි මචෝ... අරමුණක හිත පිහිටන් නෑ බං.ඒකයි අවුල...
Deleteමටත් අරමුණක් හොයලා දියංකෝ පුළුවංනං....
ReplyDeleteඇයි බං අනූ????
Deleteඅනේද කියන්නෙ අනුගේ බොඩි ගාඩ් වැඩේ බාර ගනින්.නැත්නම් ගෙදර කුස්සියේ කෝකිකමවත්.:p
Deleteඑක කාලෙකට ඔය වගේ හැගිම් ඇතිවෙනවා තමා. ජීවිතේ කියන්නේ මේකට තමා...
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ඔව් නලින් අයියා .ගලන ගගකි ජිවිතේ කියනවනේ....
Deleteතමන්ගෙ හිත තමන්ගෙ පාලනේට ගන්න පුළුවන්නම් ඒකත් ලොකු ජයග්රහනයක්!!
ReplyDeleteඔව් ශම්මියෝ...එහෙම පුළුවන් වෙලාවකට.සමහර වෙලාවට මොකක් වෙලාද කියල හිතාගන්න බැරිතරම් මනස අවුල්.
Deleteමචන් පුළුවන් නම් silentsahan@gmail.com එකට මේල්
ReplyDeleteඑකක් දාන්න ..
ඔහොම හිතන්න එපා..අපි කොහොම හරි යමු බැරි මර ගාතේ..
උබ හිතෙන ඕන දෙයක් කියපන් , මට පුළුවන් අහන් ඉන්න ..මචෝ.
ගොඩක් ස්තුතියි මචෝ ඔයාට.දැන් ඒ මානසිකත්වය ඉවරයි.මේ වචන ටික වටිනවා බං සෑහෙන්න.
Deleteධනාත්මක චින්තනය ගැන මම වෙලාවක කියලා දෙන්නම්කො. :)
ReplyDeleteධනාත්මක චින්තනය ගැන නම් දන්නවා බං.එත් ප්‍රයෝගිකව මම සමහර ගැටලුවලට මුහුණ දෙද්දි මම ඒ ගැටළු වලට මුහුණ දෙන කෙනෙක්ට දුන්න උපදෙස් මටම පිළිපදින්න අමාරුයි.කලෙත් එක්ක හැමදේම හරිගියා.
Deleteඑක මොහොතකට මට මාවම කියවනවා වගේ දැනුනා.
ReplyDeleteඅහ්... හරිම කටුක,ජිවිතේ හිස් උන හැගීමක් දැනෙනවා නේද...
Deleteකාලය හැමදේම විසදනවා.
අහෝ ..ජිවිතය ,
ReplyDeleteහ්ම්...
Deleteඅනේ මන්ද බන් මටත් ඔහොම හිතෙනවා
ReplyDeleteකාලයත් එක්ක හැමදේම හරියනවා බං.
Deleteමොනවා කිව්වත් සමහර දේවල් කල් යන්න යන්න මතක් වෙනවා වැඩි බං.......එත් අපිට අතීතකාමියෙක් වෙන්න බැහැ බං....අතීතය තියෙන්නේ ඒ ගැන හිතලා වර්තමානය ගැන සතුටු වෙන්න........
ReplyDeleteරස්තේ පාරක් ගහමුද
ඔව් බං.නව ගිලුනත් බෑන් චුන් වගේ ඉන්න ඕනේ...හික්ස්....
Delete