![]() |
| මම පුංචි කාලේ තාත්තයි මායි අම්මයි ... |
මේ ලෝකෙ මම වැඩියෙන්ම ආදරය කරන අය අතරෙ
ඉහලම තැනක ඉන්න මගේ වීරයා,මාව ගොඩ නගපු,පුංචි පුංචි දේවල් වලින් ජිවිතේ ගොඩාක් ලොකු පාඩම් උගන්නපු මගේ ජිවන
ගමනට ගොඩාක් ලොකු අර්ථයක් දුන්නු මගේ ආදරණිය තාත්තගේ උපන් දිනේ අද......
පුංචි දවස් වල තාත්තා අපිට දඩුවම්
කරපුවහම,තාත්තා අපිට කරන්න කියපු සමහර දේවල්
නිසා මම තාත්තට ගොඩාක් ෛවර කෙරුවා,ගොඩාක්
කේන්ති ගත්තා,සමහර වෙලාවට ගොඩාක් රිදෙව්වා....
ඒ දවස වල හිතුනා අනේ තාත්තා මට ආදරේ
නෑනෙ කියල....
නෑ තාත්තේ මට වැරදුනා...
වයසින් අත්දැකීම් වලින් වැඩෙද්දී මට
තේරුණා මගෙ තාත්තා පිටින් නොපෙන්නුවට අපිට,මට කොච්චර ආදරෙයිද කියල.මම තාත්තව තේරුම් ගත්තා.තාත්තා කරපු කියපු
දේවල් ඒ දවස් වල කටුක,නීරස දේවල් විදියට දැනුනට අද වෙද්දී මට
තේරෙනවා ඒ දේවල් මට ජිවිතේ කියන්නෙ මොකක්ද කියල කියල දුන්න නේද කියල....
මටම අදහන්න බෑ තාත්තා මේ තරම දේවල් මගෙ ජීවිතේට එකතු කලාද කියලත්....
තාත්තා දන්නවා මම තාත්තට ගොඩාක් සමීප චරිතයක් නෙමෙයි.අම්මත් එක්ක මම කතා කරන දේවලින් දහයෙන් එකක්වත් මම තාත්තා එක්ක කතා කරන් නෑ....
මම දන් නෑ ඇයි එහෙම උනේ කියල...
ඒ කොහොම උනත් මම තාත්තට හැමදාම ගොඩාක් ගරු කලා.මගෙ තාත්තා ගොඩාක් ආදර්ශමත් චරිතයක් ,ඕනෑම තැනක ලෝකෙ ඕනෑම තැනක,ඕනෑම කෙනෙක්ට මම බය නැතුව කියනවා මගෙ ලෝකෙ වීරයා,මගෙ ලෝකෙ හොදම පිරිමියා මගෙ තාත්තා මයි කියල.ඒක අදත් හෙටත් හැමදාටමත් එහෙමමයි.....
තාත්තගේ ෙපෟර්ෂය මට ගොඩාක් දේවල් එකතු කලා...මගෙ තාත්තා උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති නිර්මාන්ෂි පුද්ගලයෙක්.සුරාව සූදුව කවදාවත්ම කටේ තියපු නැති කෙනෙක්.කාටවත් කරදරයක් නැතිව ගොඩාක් දුක විදලා තනියම ගොඩ නැගිච්ච කෙනෙක්...කිව්වොත් දෙයක් කිව්වා..හරිම ශක්තිමත් .කාටවත් අත පාන්නේ නෑ...තාත්තා විදපු දුක් වලින් සීයෙන් එකක්වත් මම විදින් නෑ...තාත්තා ඒ තරමටම අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තියෙනවා..
තාත්තා මට කියල දුන්න තමන් මහන්සි වෙලා ලබා ගන්න පුංචි දේ ගොඩාක් වටිනවා කියල.තාත්තගෙ නිශ්ශබ්ද ජීවිතෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.තාත්තගෙ අතීතෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
මම දැනුම තේරුම් ඇති කලෙක කවදාවත්ම තාත්තගෙ ඇස් දෙක දිහා බලාගෙන කියල නෑ “තාත්තේ මම ඔයාට ගොඩාක් ආදරෙයි”කියල.මට එහෙම කියන්න ශක්තියක් තිබුන් නෑ.ඒ තාත්තයි මැයි අතර පරතරය ගොඩාක් වැඩි නිසා වෙන්න ඇති..
ඒත් මම තාත්තට ගොඩාක් ආදරෙයි....සමහරවිට තාත්තා මේ දේවල් දකිනකම් හිතන්න නැතිව ඇති තාත්තගෙ පුතා මේ තරම් තාත්තට ආදරෙයිද කියල....
ආදරෙයි තාත්තේ ගොඩාක් ගොඩාක් ආදරෙයි......
මෙතෙක් තාත්තගේ ෙගෟරවයට කැළලක් වෙන කිසිම දෙයක් මම කලේ නෑ...ඉදිරියටත් එහෙමයි...
උපදින හැම ආත්මෙකම ඔයාගෙම පුතා වෙලා උපදින්න ඕනෙ....
තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා!!!
නීරෝගී සම්පත් ලැබේවා.....
මගෙ ආයුෂත් අරන් ජිවත් වෙන්න......
මට සින්දුවක් මතක වෙනවා,මම පුංචි කාලෙ තාත්තා ඉරිදා නිවාඩු දවසේ ගෙදර ඉන්න කොට මේ සින්දුව හැම ඉරිදාම දානවා...තාත්තත් ගොඩාක් ආසයි මේ සින්දුවට.....තාත්තා ලග තියන ජිප්සීස් ගායක සුනිල් පෙරේරගේ ගැසට් එකක හරි CD එකක හරි තමයි මේ සින්දුව තිබ්බෙ....
එදත් අදත් හැමදාමත් මම මේ සින්දුවට වගේම තාත්තටත් ගොඩාක් ආදරෙයි.....
තාත්තා මට ඇනපු ටොක්ක
දවාලේ තරු පෙනුණා
නිතර ඇහෙන සත්තම්වලට
කන්දෙක මගෙ පිරුණා
එදා මට පෙනුණේ ඔබව
සතුරෙක් වාගෙයි තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ
දෙවියෙක් වාගෙයි තාත්තේ













ඇත්තටම ඔබේ කතාවට මං සම්පූර්ණයෙන්ම එකගයි.මං හැමතැනකම කියන්නේ තාත්තා තමා අපේ ජීවිතේ සුපිරිම වීරයා කියලා.මගේ ජීවිතේ බොහෝ තැන්වලිදි එයාගේ ක්‍රියා හේතු වෙලා තියෙනවා මගේ පෞරෂවය හදාගන්න.
ReplyDeleteඔයාගේ තාත්තට මාත් සුබ උපන්දිනයක් කියලා පතනවා !
බොහොමත්ම ස්තුතියි සහෝ!!!
Deleteනියමයි මල්ලී, උඹේ මේ පෝස්ට් එක තාත්තට දෙන හොඳම උපහාරයක් වේවි. හොඳ තාත්තෙක්ගේ හොඳ නම තියාගෙන ජීවත් වෙන්න උඹ හිතාගත්ත එකම ඇති...
ReplyDeleteදමිත් මල්ලිගේ ආදරණීය පියතුමාට සුභ උපන් දිනයක් වේවා...!!!
අනිවා අයියේ හිතා ගත්තු දේ මෙතෙක් ඒ විදියටම කලා වගේ ඉදිරියටත් මම කරනවමයි....
Deleteබොහොම ස්තුතියි අයියෙ සුභ පැතුමට....ගොඩාක් ස්තුතියි!!!
මචං තාත්තට දිගාසිරි පැතුවා කියල කියහන්...
ReplyDeleteසම්පුර්ණ ඇත්ත කතාව බං...අප්පච්චි තමයි මගේ ජීවිතෙත් සුපිරි වීරයා!
බොහොම ස්තුතියි මචෝ.....
Deleteඔබේ හද ගැස්ම හොඳින් දැනුන මට...
ReplyDeleteඔබ වන් හොඳ පුතෙක් ලබපු තාත්ත පිංකරල තියෙනවා....
තාත්තටත් ඔබටත් තෙරුවන් සරණයි...
සිංදුවටනම් පුද්ගලිකව මම ආස නැහැ සුනිල් පෙරේරා කියන නිසා
බොහොමත්ම ස්තුතියි....
Deleteමෙවන් පියෙක ලබන්න මම ගොඩාක් පින් කරල ඇති....
ඉස්සර නම් කේන්ති ගියාම හිතුනෙ මොන පවක් කලාට මේ වගේ තාත්තෙක් ලැබුවද කියල....
දැන් හොදටම තේරෙනවා ඒ දවස් වල හිතපු දේවල් කොච්චර නම් වැරදිද කියල...
පුද්ගලයෙක් චරිතයක් විදියට ගත්තහම නම් මමත් සුනිල් පෙරේරාට කැමති නෑ....
එත් මේ ගීතයට,ඒ අරුතට ආසයි...
අපිත් සුභ පැතුවා කියන්න සහෝ ඔබේ පියාට..
ReplyDeleteජය!
බොහොමත්ම ස්තුතියි!!!
Deleteඅනිවාර්යෙන්ම කියන්නම්....
ඔයාගේ තාත්තට මමත් සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteබොහොමත්ම ස්තුතියි!!!
DeleteHi to every one, the contents present at this
ReplyDeletesite are truly remarkable for people knowledge,
well, keep up the good work fellows.
Look at my website ; increase youtube views
What i do not realize is if truth be told how you're no longer actually a lot more well-appreciated than you may be right now. You are so intelligent. You recognize therefore significantly on the subject of this matter, produced me in my opinion consider it from a lot of numerous angles. Its like men and women don't seem to be involved
ReplyDeleteunless it's one thing to accomplish with Woman gaga! Your individual stuffs outstanding. All the time maintain it up!
Look at my webpage - golf swing
I love your blog.. very nice colors & theme. Did
ReplyDeleteyou create this website yourself or did you hire someone
to do it for you? Plz reply as I'm looking to design my own blog and would like to find out where u got this from. thanks a lot
My site : erinmore pipe tobacco
Pretty section of content. I just stumbled upon your blog and
ReplyDeletein accession capital to claim that I acquire in fact loved account
your weblog posts. Any way I will be subscribing on your augment and
even I fulfillment you access constantly quickly.
Review my blog : watch nfl games online
Good article. I certainly appreciate this site. Stick with it!
ReplyDeleteTake a look at my webpage ... amphora tobacco
Hey! I understand this is kind of off-topic however I had to ask.
ReplyDeleteDoes operating a well-established blog such
as yours take a massive amount work? I'm brand new to running a blog however I do write in my diary daily. I'd like
to start a blog so I will be able to share
my personal experience and thoughts online. Please let me know if you have
any kind of ideas or tips for brand new aspiring bloggers.
Thankyou!
Feel free to surf my webpage : borkum riff original
Greetings! Very helpful advice within this article!
ReplyDeleteIt's the little changes which will make the greatest changes. Many thanks for sharing!
my webpage > panic attack
It's remarkable to go to see this web site and reading the views of all mates about this paragraph, while I am also zealous of getting know-how.
ReplyDeleteAlso visit my web page ; free iphone