Subscribe:

Ads 468x60px

Wednesday, July 18, 2012

16 Mayakkam Enna - ජායාරුප ශිල්පයේ දැවැන්තයෙක් වීමට යන ගමනක්....


ඔහු නමින් කාර්තික්.දෙමවුපියන් අහිමි ඔහුගේ එකම සිහිනය දැවැන්ත,දක්ෂ ජයාරූප ශිල්පියෙක් වීමයි....ඔහුට හැමදේටම ඉන්නෙ යාළුවන් කිහිප දෙනෙක් විතරයි.ඔහු තමන් ගත්තු ජයාරූප අරගෙන දන්න කියන හැම කෙනෙක් ලගටම යනව ඒ ජායාරුප වලට වටිනාකම් ලබා ගන්න.එත් ඒ හැම තැනකින්ම ඔහුට ලැබෙන්නෙ අවලාද,නින්දා පමණයි.




ඔහු එක් ජායාරුප ශිල්පයේ දැවැන්තයෙක් හමුවට යනවා.කාර්තික් කිහිප වරක්ම ඉල්ලා සිටිනවා ඔහුව අර  දැවන්තයගේ සහයකයා කර ගන්නා හැටියට.අන්තිමට ඔහුට එක් අවස්ථාවක් ලැබෙනව..
ඔහු දැඩි කැපවීමෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.එත් අර දැවන්තයාගෙන් ඔහුට ලැබෙන්නෙ සුබවාදී ප්‍රතිචාරයක් නෙවෙයි.




කාර්තික්ගේ දක්ෂතාවයෙන් අයුතු ප්‍රයෝජන ගත්තු ඒ ජායාරුපශිල්පයේ දැවැන්තයා  කාර්තික්ගේ ජායාරුප මාර්ගයෙන් තවත් ලාබ ප්‍රයෝජන ලබා ගන්නවා.කාර්තික් මානසිකව ගොඩක් වැටෙනවා.

මේ අතර තුර ඔහුගේ හොදම ම්තුරාගේ පෙම්වතිය කාර්තික්ගේ පෙම්වතිය බවට පත් වෙනවා.ඔවුන් විවාහ වෙනව හොදම මිතුරගෙත් අනෙක් මිතුරන්ගේත් කැමැත්තත් ඇතුව....

අර දැවන්තයා විසින් ඔහුගේ යයි කියමින් ප්‍රසිද්ධ කල කාර්තික්ගේ ජායාරුපයක් පුවත්පතක ඇගයීමකට ලක්ව තිබෙනු දැකීමෙන් කාර්තික් මානසිකව තවදුරතත් පසුබෑමකට ලක් වෙනවා...ඔහු අනතුරකට ලක් වෙනවා.....

ඒ අනතුරෙන් පස්සෙ ඔහුගේ ජීවිතය,පවුල් ජීවිතය සියල්ලක්ම අවුල් වෙනවා.ඒත් ඔහුගේ බිරිද ඔහු සමග සිටිමින් ඔහුගේ සිහිනය සැබෑ කරන්න උත්සහ කරනවා.මේ කරුණු නිසා කාර්තික් දැඩි ලෙස මත්වතුර පානයට පෙලබෙනවා....

කාර්තික්ගේ වැරද්දකින් ඔවුන්ගේ පළමු දරුවත් නැති වෙනවා...
අහබු සිදුවීමකින් ඔහුගේ දක්ෂතාවයට නිවැරදි සාධාරණය ඉටු වෙනවා...අන්තිමේ ජායාරුප ශිල්පියෙකුට ලැබිය හැකි වටිනාම දේ ඔහු ලබා ගන්නවා...

මේ හැම දේකදිම ඔහුගේ බිරිද හැම දුකක්ම,තාඩන පිඩනයක්ම ඉවසගෙන කාර්තික්ගේ ගමනට සහය වෙනවා.කාර්තික්ව ඒ හැම දෙකටම මෙහෙය වනවා....

Mayakkam Enna මේ ඒ දමිළ චිත්‍රපටයේ නමයි......

මම හිතනව ජායාරුපශිල්පයේ දැවැන්ත ගමනක් යන්න අපේක්ෂා කරන.ජායාරුප ශිල්පයට ආදරේ කරන හැමෝම විශේෂයෙන්ම නැරබිය යුතු චිත්‍රපටයක් කියල.....

ඒ වගේම හොද යාළුවෙක්,පෙම්වතියක්,බිරිදක් වෙන්නෙ කොහොමද කියලත් මේ නිර්මාණයෙන් පෙන්වා දෙනවා....

මේ නිර්මාණය ගැන වැඩි විස්තර පහත ලින්ක් වලින් දැන ගන්න....
පුළුවන් හැම කෙනෙක්ම හොයාගෙන බලන්න....

සියලු ජායාරුප ශිල්පයේ නියැලෙන්නන්ට ශක්තියක්ම වේවා!!!

විස්තර දැන ගැනීමට - 
http://en.wikipedia.org/wiki/Mayakkam_Enna 
Online නැරබීමට -  http://tamilkey.org/watch-mayakkam-enna-movie-dvd-hq.html
අදාල ගීත බාගත කිරීමට - http://mp3.tamilwire.com/mayakkam-enna-2011.html

ජයම වේවා!!!
කොමෙන්ටුවකුත් දාලම යන්න....


ප.ලි.

ගොඩක් දෙනා මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ඉල්ලුව මෙන්න ඒ ලින්ක්..


16 comments:

  1. හ්ම්ම්..අගනා ලිපියක්!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි !!!!

      Delete
  2. මාත් බලලා තියනවා! :)

    ReplyDelete
  3. ලින්ක් එකක් එහෙම තියේද බාගන්න?

    ReplyDelete
    Replies
    1. ඔව් සමීර....
      මෙන්න ටොරන්ට් වලින් බා ගන්න....

      http://thepiratebay.se/torrent/6909482/Mayakkam_Enna_(2011)_Lotus_DVDRip_-_Download_Tamil_Movie

      Delete
    2. ස්තූතියි.
      අත්දැකීමෙන් කියන්නෙ
      "අපිට යමක් ඉගැන්නුවට අපි ප්‍රවීනයො කියාගන්න උන්ට ගරු කලාට උන් හදන්නෙත් අපිව හූරන්කන්න. පර බල්ලො"
      ** සියලු ප්‍රවීනයන් නොවේ

      Delete
    3. එක නම් සහතික ඇත්ත...ඔය වගේ දේවල් ගැන මටත් අත්දැකීම් තියෙනවා...
      ඒ වෙලාවට හිතට දැනෙන අසරණකම,දුක වචනෙන් විස්තර කරන්න බෑ.
      මුළු ලෝකෙම තමන්ට එරෙහි උන වගේ හිතෙනවා...

      Delete
  4. පට්ට ෆිල්ම් එකක් ඈ!මම බැලුවේ යාපනේ බස් එකක TV එකකින්!!!

    ReplyDelete
    Replies
    1. ආ...එල නේ...
      මමත් මේ වගේ ලස්සන ෆිල්ම් බලල තියෙනව ඔය බස් වල හයි කරලා තියන ටිවී වලින්....

      Delete
  5. අසා ඇත බලා නැත :(

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින්...
      දැන්ම බා ගෙන බලන්ඩකෝ....

      Delete
  6. සිංහල තියෙනවද..සිංහල නැතුව බැනේ..තෙරේන් නැනේ.. :(

    ReplyDelete
    Replies
    1. සිංහල සබ්ටයිටල් නම් නෙට් එකේ බා ගන්න තැනක් නෑ වගේ....
      මම බැලුවෙත් කඩේකින් ගත්තු DVD එකක තිබිල...ඒකෙ නම් සබ්ටයිටල් තිබුණ...

      Delete
  7. ඔන්න මාත් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්නයි යන්නේ... ටැංකු ටැංකු... අහල තියෙනවා නම... කතාව කියෙව්වමත් ලස්සනයි වගේ.. :)))))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනූ මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් දැම්මට...
      නියම ෆිල්ම් එක...බලන්නකෝ...

      Delete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Related Posts Plugin for WordPress, Blogger...

නවතම ප්‍රතිචාර

හොදම විචාරකයෝ

හද ගැස්මට සවන් යොමපු අය