" මගේ හද ගැස්ම "


ඔයා ආස කරන,ආදරය කරන ගොඩක් දේ ගෙනෙන වගේම ඔයාගේ දැනුමට අලුත් යමක් එකතු කරන්න පුළුවන් අපුරු තෝතැන්නක් කිව්වොත් මම නිවැරදි කියල හිතනවා..........
ඔයාලම මගේ බ්ලොග් එක බලලා තීරණය කරන්ඩකෝ මම කියන දේ හරිද කියල......
මගේ බ්ලොග් එකෙන් ඔයාලට අලුත් යමක් ගෙන ඒම තමා මගේ එකම සතුට..........
එහෙනම් ඉතින්" මගේ හද ගැස්ම "ටත් ටිකක් සවන් යොමල බලන්ඩකෝ..........

නවතම ලිපි

Tuesday, September 30, 2014

මහ සයුර වාගෙයි අපේ ආදරේ !!!

ඉවරයක් නැති වැඩකටයුතු ගොන්නක් අතරෙ,සිතට නිදහසක් දැනෙන හැම මොහොතකම,ඔයා ගැන  මතකයන් මාව ආදරයෙන් ස්පර්ෂ කරනවා.ඒ වෙලාවට දැනෙන සතුට,ප්‍රබෝදය...

හරිම පුදුමයි.... හැම මහන්සියක්ම,දුකක්ම මට අමතක වෙලා යනවා."ඔයා මොනවා කරනවා ඇත්ද මේ වෙලාවෙ."

මම හිතින් ඔයා ලගටම එනවා.ඔයා දවල්ට කෑවද දන්නෙ නෑ."කොච්චර කීවත් වෙලාවට කන බොන පුරුද්දක් නෑනෙ මේ කෙල්ලට."ඒ වෙලාවට ඉබේම මගෙ අත යන්නෙ කොච්චර දුරක හිටියත් ඔයාව මගේ ලගට එක්කන් එන ජංගමයට.ජංගම දුරකථනයට.ඔයාගේ ෆෝන් නොම්බරේ ටයිප් වෙන්නෙ ඉබේටම වගේ.ඔයා ඇමතුමට ප්‍රතිචාරයක් දක්වනකම් මම ඉන්නෙ නොයිවසිල්ලෙන් .එහා පැත්තෙන් ඇහෙන ඔයාගෙ ලස්සන හුරතල් හඩ අහන්න ආසාවෙන්.ඔයාගෙන් ප්‍රතිචාරයක් නැති උනොත්,එක පාරටම මගෙ හිත මලානික වෙලා යනවා වගේ මට දැනෙනවා.

Thursday, July 10, 2014

ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස

කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා.... අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න....
එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ....


Friday, March 14, 2014

දෙසැම්බර් නිවාඩුව



දෙසැම්බර් නිවාඩුවේදි අපේ ගෙදර අයට සීතල කාලයක් උනාට මම නම් හිටියෙ මා..............ර  hot එකෙන්,මොකද මේ month එකේ මට exam පටන් ගත්තනේ.... ඒ කාලේ මොන පාඩම්ද,නිදා ගන්නමයි හිතුනේ........ඒත් ඉතින් අම්මගෙ බරබරේ නිසා පාඩම් කලා.

                   ඔන්න ඉතින් December 20 වෙනකොට exam ඉවර උනා.අප්පේ...........මම එදා නම් හිටියෙ ගොඩක් fun එකේ.  TV. බලන්න, games ගහන්න, songs අහන්න,‍films  බලන්න නිදහස මට හම්බුනා..ගොඩා........................ක් සතු‍ටුයි.



ඔන්න ඉතින් නත්තල් සතිය උදා උනා.නත්තලට අපේ Railway station එකේ පට්ට වැඩක් කෙරුවා.ඒකට ඉතින් මාත් සුලුප‍ටු විදියට help කලා. ahhh..............ඒකට මොකද අපෙ අයියයි අම්මයි නම් මුලු දවසෙම station එකේ....

Sunday, January 5, 2014

Lee Weatherly ගේ Child X - මා පිය සෙනෙහස අහිමි වූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක්...



Lee Weatherly ගේ Child X නම් කෘතිය මුදිතා හේරත් විසින් ''මං කාගේද?'' යන මැයෙන් සිංහලයට පරිවර්තනය කර ඇත.මෑතකදී ඒ කෘතිය කියවීමේ අවස්ථාව මටත් ලැබුණි.පෙර මෙන් සාහිත්‍ය අසුරෙහිලා ගෙවන්නට විවේකයක් නොතිබුනද,යන එන අතරමගදී,දුම්රියේදී හෝ බසයේදී එවැන්නක් රස විදින්නට මම බෙහෙවින් ප්‍රිය කරමි.පෙර මෙන් සොයා බල පොත පත නොකියවුවද ,එවැන්නක් ලද විටෙක කාලය සාදාගෙන හෝ එය කියවීමට මම බෙහෙවින් ආශා කලෙමි.කියවීමෙන් මා ලබන සැනසුම,රස වින්දනය සහ අධ්‍යාත්මික දියුණුව මෙතෙකැයි කියා ප්‍රමාණාත්මකව කිසි විටෙකත් දැක්විය නොහැක.ඒ තරමට එය මට මහත් වූ ආත්මීය වින්දනයකි.

Saturday, January 4, 2014

ජීවිතේ මාවත..



බුමුතුරුනු මත හිදන්
         එපා පොත් කියවන්න...........
රලු බොරලු මාවතක හිඳ
         ජීවිතේ පොත කියවන්න..........


Wednesday, January 1, 2014

ඇරබුම..



පිනි පොද වැස්සක
බින්දු එකතු කර
ගඟකට ඇරබුම දුන්නම
ගලන්නට හැක
කන්දු බිම් යට කරගෙන
බිදින්නට බැරි කිසි බැම්මකට.....................

Thursday, November 28, 2013

ඒකෙත් හැටි ...



වසර ගණනාවක් මගේම වී හිද

හැදින නොගත්තත් ඔබ මාව

ටික කලකින් මගේම වූ ඇය

මා හදුනාගත් හැටි

Monday, November 25, 2013

නරුම බඹරිදු...





පිපී තිබූන කුසුමක් දැක

බඹරෙකු ඒ වෙතට පැමිණ

වෙනකෙකු රොන් උරා ගොසින

කෙමිය සිදුරු කලබව දැන

අවුලාගෙන කෝප ගින්න

පිපෙනට නිසි කල් නොපිරුණ

පැණි නොව කෙමියද නොවැඩුන

මලට මුවා වෙලා තිබූණ

පොහොට්ටුවක් බදා වැළද

සිදුරු කළා නරුම ලෙසින...

Wednesday, October 9, 2013

තිත්තයි බොලන් මට



ලියන්නට සිතුනාම
ලියවෙන අපුරුව

හිනියට ලිව්වාම
කන්නට ඇහැක් වෙයි රසට

ලුණු ඇඹුල් යෙදුවාම
රහයි හොද පදමටම

උපන් සියල්ල මෙලෙසින්මද

අගුණ කොළ මැල්ලුමක්
තිත්තයි බොලන් මට

Friday, October 4, 2013

සැනසෙන්න මේ හදට...



නිර්මල මනස් කුහරය
අභිබවා නැගෙන සියුම් වේදනා
සලිත කොට මා දෙනෙත්
ෙතත් කළා දෑස් අග

ගලා විත් කදුළු කැට
හඬ නැගෙන විටදි ලොවටම
සැනසෙන්න මේ හඳට
 කිසිත් නැත ලොවින් ලද


නවතම ප්‍රතිචාර